පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනකු නිදහස් වෙලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනකු නිදහස් වෙලා !

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවේ සිට මේ වනවිට නිදහස්ව ගොස් ඇතැයි අනාවරණය වේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස හඳුනාගත් අයගෙන් සහරාන්ගේ න්‍යායාචාර්යවරයා බව කියන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

පාස්කු ප්‍රහාරයේදී මාලදිවයින් ත්‍රස්තයන් සම්බන්ධීකරණය කරමින් සහරාන් මෙහෙයවූ ලුක්මාන් තාලිබ් නමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා කටාර් ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිට පසුගිය සතියේ නිදහස් වී ඇත.

පාස්කු ප්‍රහාරයේ සහරාන් කණ්ඩායම පසුපස සිටින බව කියන ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම් සංවිධානයේ නායකයා වූ හජ්බුල් අක්බර්ද පසුගිය රජය මගින් නිදහස් කර ඇතැයි බුද්ධි අංශ පෙන්වා දෙයි.

උපුටාගැනීම ‘අරුණ’ වෙබ් අඩවිය


No comments:

Post a Comment

Post Bottom Ad