පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් 13 ක් වෙළද පොලට නිකුත් වී ඇත..! විජේදාස රාජපක්ෂ මහතා දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

පිළිකාකාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් 13 ක් වෙළද පොලට නිකුත් වී ඇත..! විජේදාස රාජපක්ෂ මහතා දැනුම් දෙයි

පිළිකාකාරක අඩංගු පොල් තෙල් බහාලුම් 13 ක් වෙළද පොළට නිකුත් වී ඇති බවත්, එබැවින් ආනයනික පොල්තෙල් පරිභෝජනයෙන් වළකින ලෙසත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය සිකුරාදා දිනයේ දී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ගැනුණු අතර වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු, පිළිකාරකාරක අඩංගු පොල්තෙල් තොග මෙරටට පැමිණ ඇති බව පිළිගත් අතර, අදාල පොල්තෙල් තොග වෙළද පොලට නිකුත් කිරීව වැළැක් වූ බව පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, මීට පැය කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා, පිළිකාකාරක අඩංගු පොල්තෙල් බහාලුම් 13 ක් වෙළද පොළට නිකුත් ව ඇති බවත්, විදේශීය රටවලින් ගෙන්වන පොල්තෙල් පරිභෝජනයෙන් වළකින ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad