ජාතිවාදය විකිණිමට ගිය රාජපක්ෂලාගේ ගෝලයා මිලින්ද සමාජ ජාල තුල නාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

ජාතිවාදය විකිණිමට ගිය රාජපක්ෂලාගේ ගෝලයා මිලින්ද සමාජ ජාල තුල නාගනී

ඓතිහාසික වැදගත්කමකින් ඇති කූරගල පූජනීය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද(28) දිනයේ සැදැහැවතුන් සදහා නැවත විවෘත කරන ලදි. මැදින් පුර පසලොස්වක පොහොය දිනයවූ අද දින විශාල බෞද්ධ සැදැහවතුන් පිරිසක් මෙහි පෙහෙවස් සමාදම්ව සිටීමද විශේෂත්වයකි.

මෙකී සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට වෙර දැරූ ගෝඨා හිතවාදී කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂට මේ වනවිට සමාජ ජාල හරහා දැඩි ප්‍රහාරයක් එල්ලවී ඇත. එයට හේතුව මිලින්ද හිතාමතාම කූරගල හා නැගෙනහිර පවතී යැයි කියන අන්තවාදයට සම්බන්ධ කොට ඔහුගේ මුහුණු පොත හරහා පෝස්ටුවක් පල කිරිමයි.

සමාජ ජාල ප්‍රහාරය හමුවේ අවස්ථා ගණනාවක මිලින්දට තම පෝස්ටුව සංස්කරණය කිරීමට පවා සිදුවිය. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රෙද්ශයේ පවතින කූරගල පුදබිම විටෙක නැගෙනහිර පවතින බවද තවත් විටෙක මාවනැල්ල ප්‍රෙද්ශයේ පවතින බවද ඔහු වරින් වර සංස්කරණය කරමින් ප්‍රකාශ කරයි.

ඔහු සමාජ ජාල තුල නිතර අසත්‍ය පුවත් නිර්මාණය කරන ඉරාජ් වීරරත්නගේ සමීපතයෙකු වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීරගේ ගෝලයෙකි. මිලින්දව දේශපාලනය හදුන්වා දුන්නේද දිලිත් ජයවීර විසිනි
- colomboxnews


No comments:

Post a Comment

Post Bottom Ad