ආදාහනය කලා මිනී පෙට්ටි 182ක්.. ආණ්ඩුව ඒකට අපට උදවු කලා..- මුස්ලිම් කොංග‍්‍රසය හෙලි කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

ආදාහනය කලා මිනී පෙට්ටි 182ක්.. ආණ්ඩුව ඒකට අපට උදවු කලා..- මුස්ලිම් කොංග‍්‍රසය හෙලි කරයි..

මිනී පෙට්ටි 182 ආදාහනය කළ බවත් ඒවායේ සැඟවුණු තොරතුරු ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ඔට්ටමාවඩි සම්බන්ධීකරණ කමිටු රැුස්වීම අමතමින් එසේ කියා සිටියේය.

‘මිනී පෙට්ටි 182ක් ආදාහනය කලා. මම එතැනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියනවා. මේ සෑම දේටම එහා ආණ්ඩුව ඒ පිළිබඳව අපිට ඒ තරම්ම උදව් කළා.

ඔවුන්ගේ ගැටළු අපේ තේරුම් අරන් තියනවා. අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා.

හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කොහොමද කියල හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ’ යයිද ඔහු එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad