පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ... බුර්කාව ගැන සරත් වීරසේකරගෙන් යළිත් ප්‍රකාශයක් (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ... බුර්කාව ගැන සරත් වීරසේකරගෙන් යළිත් ප්‍රකාශයක් (video)

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් මෙරට තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පසුගියදා සඳහන්කර තිබුණි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද මිරිහාන පොලීසියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමක දී යළිත් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අදහස් පළ කළේය.

"ඔව්, ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා," යනුවෙන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එහිදී පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad