පේරාදෙණි සරසවියෙන් විස්මිත පරීක්‍ෂණයක්… විනාඩි 30න් කොවිඩ් ප‍්‍රතිඵල… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 27, 2021

පේරාදෙණි සරසවියෙන් විස්මිත පරීක්‍ෂණයක්… විනාඩි 30න් කොවිඩ් ප‍්‍රතිඵල…

දිනකට රුපියල් ලක්ෂ 300ක් රජයට ඉතිරි කරදෙන වඩාත් කාර්යක්ෂම කොවිඩ් පරීක්ෂණයක් පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

විනාඩි 30න් ප්‍රතිඵල පෙන්වන මෙම පරීක්ෂණය දැනට ඇති අනෙකුත් පරීක්ෂණවලට වඩා වැඩිම සංවේදිතාවක් සහිත වූවකි. ඛේටය මගින් පරීක්ෂාව කළ හැකි ආකාරයට මේ වනවිට වැඩිදියුණු කරමින් පවතින බව මේ පර්යේණය සැලසුම් කළ පේරාදෙණිය සරසවියේ පශු, මහජන සෞඛ්‍ය සහ භීෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු “දේශය” ට පැවසීය.

පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක අප හා පැවසුවේ පර්යේෂණයට යොදාගන්නා සාම්පල තුළ වෛරස ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක කාලයකදී කොවිඩ් 19 ඇති – නැති බවට ප්‍රතිඵල ලබාදීමට මේ පරීක්ෂාව සමත් බවය. දැනට පීසීආර් වලට යන මුදලින් අඩක් පමණ මේ සම්පූර්ණ පරීක්ෂාවට වැයවෙන බව ඔහු පෙන්වා දෙයි. එහෙයින් වඩාත් ලාබදායී සහ නිරවද්‍යතාවය අතින් වඩාත් ඉහළ ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන මෙම පරික්ෂාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීමට මේ වනවිට පියවරගෙන ඇති බව ඔහු කියයි.

මෙම පරීක්ෂණය RT-LAMP ලෙස කෙටියෙන් හැඳින්වෙයි. මේ සඳහා අදාළ බලධරයන්ගේ අනුමැතිය ලත් පසු මේ පරීක්ෂණ උපකරණ කට්ටල දේශීයව නිෂ්පාදනය කර මහා පරිමානව බෙදාහැරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝමාගම පිහිටි දේශීය සමාගමක් සමඟ මේ වනවිටද ගිවිසුම්ගතව ඇත.

– deshaya

No comments:

Post a Comment

Post Bottom Ad