ලොව ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී.. ලංකාවට තිබෙන අද්විතීය අවස්ථාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 10, 2021

ලොව ගුරුත්වාකර්ෂණය අඩුම යුධ ගුවන් තොටුපොළවල් ලංකාවෙන් සොයාගනී.. ලංකාවට තිබෙන අද්විතීය අවස්ථාව මෙන්න

පර්යේෂකයෙකු, ගුවන් නියමුවෙකු මෙන්ම චින්තකයෙකු වන කපිතාන් හර්ෂ ගෝවින්ද කොරළේආරච්චි මහතා පවසන්නේ තමන් සිදුකළ පර්යේෂණයක් මගින් යුධමය වශයෙන් ඉතාමත් වැදගත් ලොව ගුරුත්වාකර්ෂණය අඩුම අග්‍රගන්‍ය ගුවන්තොටුපොළවල් ඔහු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙන බවයි.

එසේම, ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට වන ශ්‍රී ලංකාවේ වැවෙන කෘෂි නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් අසමසම බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙම මහා ධන නිධානය භාවිතා කිරීම පිළිබඳව රටක් ලෙස අපි අවධානය යොමුකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

“අඩු ගුරුත්වාකර්ෂණ ප්‍රදේශයක වැවුණු ඵලදාව ගුණාත්මක තත්ත්වයෙන් වැඩියි. ඔබ අහලා තියනවා රේඩාර් සිස්ටම් එකට අහුවෙන්නෙ නැති ගුවන් යානා පින්තාරු කිරීම සඳහා යොදා ගන්නා තීන්ත නිෂ්පාදනය කරන්නේ හලාවත ප්‍රදේශයේ වැවෙණ කජුවල ලෙල්ලෙන් ගන්න තෙල් වලින්. ලෝකයේ අනිකුත් රටවල් වල තිබෙන ඒවාට වඩා මෙහි ඛනිජ ලවන ප්‍රමාණය වැඩියි. ලෝකයේ හොඳම වතුර ලංකාවේ තිබෙනවා. ලෝකයේ හොඳම තැඹිලි වැවෙන්නේ ලංකාවේ. හේතුව අඩු ගුරුත්වාකර්ෂණ බලය.

එසේ නම්, ලංකාවේ, මේ ධරණිතලයේ තිබිය යුතුයි ගුරුත්වාකර්ශන බලය සම්බන්ධ කරගෙන ලෝකයේ හොඳම ගුවන්තොටුපොළවල්. ඒවා මං හොයාගෙන දැනට ඉවරයි. ඒව තියනවා ලංකාවේ. මේක යුධමය වශයෙන් විශේෂ දෙයක්.“


No comments:

Post a Comment

Post Bottom Ad