මට පිළිකාවක් හැදුනා - චන්ද‍්‍රිකා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 20, 2021

මට පිළිකාවක් හැදුනා - චන්ද‍්‍රිකා කියයි

මනට පිලිකාවක් වැළඳුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. එය මූලික මට්ටමේදීම හඳුනාගත් නිසා එය සුව කරගත් බවද ඇය පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පල කරයි තිබේ.

“දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ. ඇත්තවශයෙන්ම මගේ සෞඛ්‍යයේ එච්චර ප්‍රශ්නයක් නෑ.

හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුණා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සර් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ. ඒ එකක්වත් මට තිබුණේ නෑ. සිගරුට් බොන්න ඕනේ. ඕනෑවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ. ඕනෑවට වැඩිය මහත් වෙන්න ඕනේ. ඒකේ එක කරුණක් තිබෙනවා මානසික පීඩනය. බලයෙන් ගියාම මට පුදුමාකාර පීඩනයක් වදයක් දුන්නා. මම හුඟාක් දුක්වින්දා ඒකෙන්. ඊටපස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා. ඒ ගොල්ලන්ට මට කතා කරන්න එපා කීවා. මාව තනි කෙරුවා. ඒක නිසා වෙන්න ඇති මගේ දුව නම් කියන්නේ. මට පියයුරු පිළිකාවක් ආවේ. මගේ වාසනාවට ඒක පළමු අදියරේදී හොයාගත්තා. භයානක ප්‍රතිකාර කරන්න වුණේ නෑ. රේඩියෝ තෙරෙපි විතරක් කරලා සනීප වුණා. දැන් අවුරුදු නවයක් දහයක් වෙනවා.”


No comments:

Post a Comment

Post Bottom Ad