පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

පරිසරය ගැන සාකච්චාවක් ඇතිවුනේ අපේ රජය ආවට පස්සෙ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

ද පරිසරය ගැන මේ ආකාරයේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ අපේ රජය බලයට පැමිණියාට පසු බව පොලිස් පරිසර කොට්ඨාසය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සවිකර තිබූ බැනරයක් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය හැමතැනම කුණු තිබූ බවත් නමුත් වර්තමාන රජය බලයට ආ පසු එක තැනකවත් කුණු දූවිලි නැති බවත් සියල්ල මල් වවලා ලස්සනට ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉස්සර කොළඹ නගරය පුරාම පෝස්ටර් තිබුනද අද වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වූ පසු පෝස්ටර් සියල්ල ඉවත් කර ඇතැයිද ඔහු පැවසීය.

ජනාධිපතිතුමා පරිසරයට බොහොම ආදරය කරන නිසා කොළඹ නගරය මේ ආකාරයෙන් ඇතැයිද ඔහු කීය.


No comments:

Post a Comment

Post Bottom Ad