ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතූර වී සිටි බන්දුල ජයසේකර මහතා මිය යනවිට 60 හැවිරිදි වියේ පසුවිය.

රුධිරගත පිළිකා රෝගයකින් වසර දෙකක් පමණ පීඩා විඳි ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය. කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපති සේවයේ ද කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයකු ලෙස ද බන්දුල ජයසේකර මහතා කලක් සේවය කළේය.  

හිටපු ජනපති, ව.ත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad