"ජවිපෙ මට ගොඩගන්න පුළුවන්" – විමල්ගෙන් අමුතු පොටක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

"ජවිපෙ මට ගොඩගන්න පුළුවන්" – විමල්ගෙන් අමුතු පොටක්

නාතා විමුක්ති පෙරමුණට ගොඩයාමට හැකි බවත් නමුත් තමන්ට ඊට වුවමනාවක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (16) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති බුද්ධ නම් කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට ගොඩ ඒමට පුළුවන් හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා එහිදී නැවතත් අවධාරණය කළේය.

“රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නකොට 1989 නොවැම්බර් මාසයේ. ඔහු ආපහු හැරිලා ගිහිල්ලා ඔහුගේ බිරිඳගෙන් ඉල්ලීම් තුනක් කරනවා. එක ඉල්ලීමක් දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කියලා. රෝහණ විජේවීර සහෝදරයා බැන්දේ කතෝලික ආගම අදහන ලද පවුලක දියණියක්. රෝහණ විජේවීර වගේ චරිතයකට දරුවන්ගේ බුද්ධාගම වටින්නේ වෙන්නේ කොහොමද. මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණට ගොඩයන්න පුළුවන්. මට නම් ඕන කමක් නෑ ගොඩ දාන්න” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කලේය.

-janahanda


No comments:

Post a Comment

Post Bottom Ad