ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සමරන විට අර්ජුනගෙන් අගමැතිට ඉල්ලීමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් සමරන විට අර්ජුනගෙන් අගමැතිට ඉල්ලීමක් !

සුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදුවූ බව කියන වංචා පිළිබඳ සොයා බැලීමට විධිමත් කොමිසමක් පත්කරන්නැයි 1996 දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

ලෝක කුසලානය දිනා අදට වසර 25 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එවක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙරට යුද්දයක් පවතින විට එකම පවුලක සහෝදරයන් මෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 14 දෙනෙකුගේ නායකත්වය ගැනීමට තමන් වාසනාවන්ත වූ බවත් ඒ හේතුවෙන් මෙරටට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාදීමට හැකියාව ලැබුන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad