මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

මුස්ලිම් කොරෝනා මෘතදේහ තම ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අනුමැතිය ඉල්ලයි

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවත් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාෆික් මහතා සඳහන් කළේය.

එයින් යම් බලපෑමක් වුවත් එහි වගකීම භාර ගැනීමට සූදානම් යැයිද ඔහු පැවසීය.

අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන එම නගරාධිපතිවරයා කියා සිටියේ 20 වන සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දීම බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad