පොහොට්ටු එදා ජනප‍්‍රියත්වය අද නෑ.. හැකි නම් පලාත් සභා මැතිවරණය පවත්වා දිනා පෙන්වන්න -ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට අභියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

පොහොට්ටු එදා ජනප‍්‍රියත්වය අද නෑ.. හැකි නම් පලාත් සභා මැතිවරණය පවත්වා දිනා පෙන්වන්න -ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට අභියෝගයක්

හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගෙන පෙන්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවර දිස්ත්‍රික් නායක රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තම පක්ෂයේ සහාය ද සහිතව ජයග්‍රහණය කළ පසු දැන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර පොදුජන පෙරමුණ කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හෝ ජනාධිපතිවරයා මුණ ගැසීමට පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටී.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්තෙද්දී පොහොට්ටුවට තිබූ ජනප‍්‍රියත්වය අද නැති වී ගොස් ඇතැයිද ඔහු කීය.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad