රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා - වෙදාරච්චි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා - වෙදාරච්චි

රපතළ වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අමානුෂික වද හිංසා වලට ලක් කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි. දණහිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රාමනායක මහතාට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වැසිකිළි යාමේදී රාමනායක මහතා හඬා වැටෙන බවද ඔහු සඳහන් කළේය.

තමන් රාමනායක මන්ත‍්‍රීවරයා මුණගැසීමට අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට ගිය ද ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් අනුමැතිය ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad