විෂ පොල්තෙල් ආනයනකරුවන් අත්අඩංගුවට ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

විෂ පොල්තෙල් ආනයනකරුවන් අත්අඩංගුවට ?

විෂ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශනයෙන් පසු හෙළිවන කරුණු අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

තමාගේත් කැබිනට් මණ්ඩලයේත් ඒකමතික තීරණය වන්නේ විෂ පොල්තෙල් මෙරටට ගෙනා පිරිසට එරෙහිව දැඩි දඬුවම් පැනවීම බවත් කී වීරසේකර මහතා ඔවුන්ට එරෙහිව අනිවාර්යෙන් නීතිමය පියවර ගෙන දැඩි දඬුවම් පමුණුවන බවත් කියා සිටියේය.

එසේම සිංහල අවුරුදු සමයේ විෂ පොල්තෙල් වෙළෙඳපොළට පැමිණ ඇතැයි ජනතාව බියගන්වමින් සිදු කෙරෙන ප‍්‍රචාර අසත්‍ය බවත් හිතමතා එවැනි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවද හෙතෙම කීවේය.

මෙම පොල්තෙල් තොග වෙළෙඳපොළට ගොස් ඇති බව පැවැසීම සම්පූර්ණ අසත්‍යයක් බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තෙල් තොග ගුදම්වල ඇති බවත් ඊට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇති බවත් ඇමැති සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad