ජනතාව බුද්ධිමත්, තවදුරටත් දේශපාලන රැඟුම්වලට අහුවෙන්නේ නැහැ - පියල් නිශාන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

ජනතාව බුද්ධිමත්, තවදුරටත් දේශපාලන රැඟුම්වලට අහුවෙන්නේ නැහැ - පියල් නිශාන්ත

නතාව විසින් කුණු බාල්දියට දාපු සමහර දේශපාලකයින්,දේශපාලන පක්ෂ දැන් උත්සහ කරමින් ඉන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය කරේ තියාගෙන ගොස් යළි බලයට පත්වීමට බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 

තමන් ඔවුන්ට පැහැදිලි ලෙස කියන්නේ මේ රටේ ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කරන බවත් කපටි දේශපාලඥයින්ගේ රැඟුම්වලට රැවටෙන්නට ජනතාව සූදානම් නැති බව යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. 

පාස්කු කොමිසම පත්කළ අය විසින්ම ඒ ගැන යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම කොමිසම හෑල්ලු කිරීමක් බවද ඔහු පෙන්වාදෙයි. 

එමෙන්ම බුද්ධිමත් ජනතාව  විසින් දේශපාලන විගඩම්කාරයින්ට ඉදිරි මැතිවරණ වලදී හොඳ පිළිතුරක් දෙනු ඇති බවයි පියල් නිශාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. 


No comments:

Post a Comment

Post Bottom Ad