මොන ක්‍රමයටවත් දැන් නම් පළාත් සභා ඡන්දය තියන්න බෑ - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

මොන ක්‍රමයටවත් දැන් නම් පළාත් සභා ඡන්දය තියන්න බෑ - විමල්

ද පවතින තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එම මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඊට පෙර විසඳාගත යුතු ගැටලු රැසක් ඇති බවද ඇමතිවරයා සඳහන් කරයි.

‘නීතිමය ගැටලුවට ප්‍රථමයෙන් උත්තර සෙවිය යුතුයි. ඒ උත්තරය ලබාදීම මගින් තමයි එම මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ. මොන ක්‍රමය වුණත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් පළාත් සභා තියන්න බෑ’ යයිද ඔහු කියා සිටියේ පාදුක්ක ප්‍රදේශයේ දී උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.


No comments:

Post a Comment

Post Bottom Ad