මේ රජය යටතේ තරම් පරිසරය විනාශ කරන යුගයක් අපි කිසිදාක දැක්කේ නෑ - ඕමල්පේ සෝභිත හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

මේ රජය යටතේ තරම් පරිසරය විනාශ කරන යුගයක් අපි කිසිදාක දැක්කේ නෑ - ඕමල්පේ සෝභිත හිමි

ත්මන් රජය යටතේ තරම් පරිසරය විනාශ කරන යුගයක් තමන් කිසිදිනක දැක නොමැති බව ඕමල්පේ සෝභිත හිමි පවසයි. 

"වත්මන් රජය යටතේ තරම් පරිසරය විනාශ කරන, ගහකොළ විනාශ කරන වෙනත් යුගයක් අපි කිසිදිනක දැක්කේ නෑ. අපි මේ කියන්නෙ අතිශයින්ම වේදනා සහගතව. කාගෙ බලයද මේ යෙදෙන්නෙ ?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට වඩ වඩාත් බලය දුන්නෙ රට රකින්න. ගහකොළ සතා සීපාවා ඇතුළු පරිසරය ආරක්ෂා කිරීම වගකිවයුතු පාලකයාගේ යුතුකමක්. ඔහු නීතියෙන් බැඳී සිටින වගකීමක්. ඒ නිසා මේ සිදුවෙන වනාන්තර විනාශය, පරිසර විනාශය, අක්‍රමිකතා වහාම නැවැත්විය යුතුයි. වහාම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න ඕනෙ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

ඕමල්පේ සෝහිත හිමියන් මේ බව පැවසුවේ ඊයේ (18) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad