පාස්කු කොමිසම කොහෙද යන්නේ මල්ලේ පොල් වැඩක් කරල තියෙන්නේ - රනිල් සිය ස්ථාවරය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

පාස්කු කොමිසම කොහෙද යන්නේ මල්ලේ පොල් වැඩක් කරල තියෙන්නේ - රනිල් සිය ස්ථාවරය කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම පිළිබඳව ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාව අසම්පූර්ණ එකක් වන අතර එම වාර්තාව පදනම් කොටගෙන ඉදිරියට යා නොහැකි බවත් පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා කිසිම පාර්ශ්වයක් මෙම වාර්තාවෙන් සෑහීමකට පත් නොවන බවද පෙන්වා දෙයි.

කොමිසන් සභාවට බලතල දීලා තිබුනේ සහරාන් බිහිකළේ කවුද? ඒ පිටුපස සිටි බලවේග කවුරුන්ද ?සහරාන්ට උදව් කලේ කවුද යන්න සෙවීමට වුවත් කොමිසම කර තිබෙන්නේ එම අරමුණ ඉටු කිරීම නොවන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මෙම කොමිසමෙන් ඉහත කී කරුණු කිසිවක් සොයා ගෙන නොමැති බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත අන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad