එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති මන්ත්‍රී ධූරය ලබන සතියේදී පිරවීමට සූදානම්වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
මේ අතර නෙත් නිවුස් වාර්තා කර ඇත්තේ විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණක් ගොඩ නැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන් පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති බවයි.
සජබේ ඇතුළේ ගැටුම්
සමගි ජනබලවේගය තුළ තීන්දු තීරණ ගැනීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිය හා ඇයගේ මව හා ඔවුන්ට හිතවත් තවත් අයෙකු නිරන්තරයෙන් සම්බන්ධවීම හේතුවෙන් එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුමක් මතුව ඇති බවද වාර්තා වේ.
මෛත්‍රීත් විශේෂ සාකච්ඡාවක
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
-srilankamirror


No comments:
Post a Comment