විමල්-උදය ඉවතට..? හකීම්-බදියුදීන් ඇතුලට ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 12, 2021

විමල්-උදය ඉවතට..? හකීම්-බදියුදීන් ඇතුලට ?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නුදුරේදීම ඔවුනට ආණ්ඩුවෙන් ඉවතට යෑමට සිදුවනු ඇති බවත් ඒ සමගම රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් ගේ පක්‍ෂවල සහයෝගය ආණ්ඩුවට ලැබෙනු ඇති බවත් එම වාර්තාව කියා සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ද විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයි ද එහි සඳහන්ය.

එමෙන්ම උදය ගම්මන්පිල මහතා සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීම් කර ඇති බවද ලංකාදීප වාර්තා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad