විෂ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා.. දරුවන්ට බරතලයි - ප‍්‍රකට මහාචාර්ය කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

විෂ පොල්තෙල් කෑවොත් අක්මාවේ පිළිකා.. දරුවන්ට බරතලයි - ප‍්‍රකට මහාචාර්ය කියයි

නයනය කරන ලද පොල්තෙල්වල අඩංගු ඇෆලටොක්සින් නමැති පිළිකා කාරකයක් සහිත පොල්තෙල් භාවිතය ඉතා අවදානම් බව කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

එම පොල්තෙල් ආහාරයට ගතහොත් අක්මාවේ පිළිකා ඇති විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

මෙය දිලීර විශේෂයක් බවත් එය අක්මාවට අහිතකර බවත් එක්වර විශාල ප්‍රමාණයක් හෝ කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීරගත වුවහොත් පිළිකා තත්ත්ව ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට බලපාන බවද පවසන ඔහු කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීමේ ශක්තිය අඩු වීම ඊට හේතුව ද පෙන්වා දෙයි.

එනිසා මෙම භයානක විෂ රසායනිකය ශරීරයට ඇතුළු කර ගත නොයුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad