දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් 04 මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

දෙවැනි පරීක්‍ෂණයෙන්ද තහවුරුයි.. සියළු තෙල් තොගවල පිලිකාකාරක… සමාගම් 04 මෙන්න

මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි.

ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි.

එ් අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත.

මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත.

තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.

අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව


No comments:

Post a Comment

Post Bottom Ad