ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කල වියතුන් වැඩ අනිනවා..- පොහොට්ටුවෙන් ජනපතිට කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කල වියතුන් වැඩ අනිනවා..- පොහොට්ටුවෙන් ජනපතිට කියයි…

ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කර ඇති වියතුන් අතින් වැඩ අවුල් වන අවස්ථා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ගණනාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.

මෙම විද්වතුන්ට අධ්‍යාපන සුදුසුකම් ඉහළින් තිබුණද ඔවුන් දේශපාලනයට සංවේදීව බුද්ධිමත්ව කටයුතු නොකිරීමෙන් බරපතළ ප්‍රශ්න හටගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මෙම චෝදනාව එම සංවිධාන විසින් එල්ල කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නුගේගොඩ වැලි පාර්ක් හි දී පවත්වන ලද සාකච්ඡාවේදී ය.

ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් රාජ්‍ය ආයතන වලට පත් කළ විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් අපේක්ෂිත සේවාවන් සිදු නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad