කල්ලියක් ගෙට පැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුත‍්‍රයාට පොලු වලින් පහර දේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 28, 2021

කල්ලියක් ගෙට පැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුත‍්‍රයාට පොලු වලින් පහර දේ…

යාපනය හින්දු විද්‍යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදී පලා යාමෙන් පසුව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

හින්දු විද්‍යාල මාර්ගයේ මන්ත්‍රීවරයාගේ පුතා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පසුපස යතුරුපැදි කිහිපයක් ලුහුබැදීමෙන් පසුව මන්ත්‍රීවරයාගේ පුතා නිවස ඉදිරිපිට යතුරුපැදිය නවතා නිවසට දිවයාමට උත්සහ කිරීමේදී යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනෙකු විසින් පොලු මුගුරුවලින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදී පලා ගොස් තිබුණි.

අදාල පහරදීම මන්ත්‍රීවරයාගේ නිවසේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරා වල සටහන් වී තිබීම හේතුවෙන් ඒ ඔස්සේ පරික්ෂණ ඇරඹූ යාපනය පොලීසිය විසින් අදාල පහරදීමට සමබන්ධ සැකකරුවන් සිව් දෙනෙකු ඉයේ (27) දින අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල පහරදීමෙන් මන්ත්‍රීවරයාගේ පුතාට සුලු තුවාල පමණක් සදුව ඇති අතර පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad