සීනි බදු වංචා මුදල නෙළුම් කුළුණ වියදම් පොඩ්ඩයි අඩු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

සීනි බදු වංචා මුදල නෙළුම් කුළුණ වියදම් පොඩ්ඩයි අඩු !

මේ රටේ සිනි බදු මුදල් වලින් සිදු කල වංචාව රු කොටි 1590 ක් බවත් , එය නෙළුම් කුළුණ ඉදි කිරිමට ගිය මුදලට වඩා සුළු අඩුවක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය) නලින් බණ්ඩාර මහතා පැවසිය. නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය (11) දින ගිනිගත්හේන ප්‍රදේශයේදි විවෘත කිරිමෙන් පසුව පැවති ජන හමුවේදිය.

මේ රටේ සිනි බදු මුදල් වලින් සිදු කල වංචාව බැදුම්කර  සොරකමට වඩා වැඩි බවත්,වත්මන් රජය පිහිටුවිමට සහයෝගය ලබාදුන් සියළු දෙනාට මේ වන විට වත්මන් රජය එපා වි ඇති බවයි නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසම් වාර්තාව අනුව සහරාන්ගේ පසුව එම සිද්ධියට සම්බන්ධ කිසිවෙකු නොමැති බව රජය ප්‍රකාශ කලද පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේ  වත්මන් රජය පාලනය කරන අය බව නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා චෝදනා කර සිටියි.

මෙම අවස්තාවය මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායන කපිල නාකන්දල මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad