චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් නැවතත් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්  චමින්ද වාස් සමඟ පැවති සාකච්චාවකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වලට හෙට දිනයේ පැමිණීමට නියමිත බවත් ඉන් අනතුරුව චමින්ද වාස්ගේ කොන්ත්‍රාත් ගිවිසුම සකස් කෙරෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස තෝරාගෙන තිබුනද සංචාරයට  පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වූනා. ලෙස තෝරාගෙන තිබුනද සංචාරයට  පෙර ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වූනා.


No comments:

Post a Comment

Post Bottom Ad