අසාද් සාලිගේ මෝටර් රථයෙන් විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 16, 2021

අසාද් සාලිගේ මෝටර් රථයෙන් විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හමුවෙයි

ස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී හමුවූ විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. උණ්ඩ තොගයක්ද එහිදී හමුවූ බවයි පොලිසිය කියාසිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.

මුස්ලිම් නීතිය සම්බන්ධයෙ ඔහු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.


No comments:

Post a Comment

Post Bottom Ad