හෙළයේ මහා ගාන්ධර්වයාගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

හෙළයේ මහා ගාන්ධර්වයාගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වෙයි

ණ්ඩිත් අමරදේව මහතාගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

මිය යන විට ඇය 87 වන වියේ පසුවූවාය.

හෘදයාබාධ තත්ත්වයකින් පෙළුණු ඇය ඊයේ  සවස වැටීමකින් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇය අභාවප්‍රාප්ත වී ඇත.

1934 වසරේ දෙසැම්බර් 05 වන දා උපත ලැබූ ඇය වෘත්තියෙන් නර්තන සහ ජන ගායනා ශිල්පිනියක ලෙස කටයුතු කළාය.

1927 වසරේ උපත ලද ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මෙන්ම විමලා අමරදේව මහත්මියගේ ද උපන් දිනය දෙසැම්බර් 05 වන දා යෙදී තිබීම විශේෂත්වයකි.

ඇය ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සමග විවාහ වූයේ, 1963 වසරේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad