පිස්සු නෝනලට ඕන විදිහට වැඩ කරන්නෑ.. පඬුකරද ගස ගලවා වෙන තැනක සිටුවනවා - නිමල් ලාන්සා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

පිස්සු නෝනලට ඕන විදිහට වැඩ කරන්නෑ.. පඬුකරද ගස ගලවා වෙන තැනක සිටුවනවා - නිමල් ලාන්සා

ධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ආන්දෝලනයට ලක්වූ කෲඩියා සෙලනිකා ශාකය ගලවා වෙනත් තැනකින් සිටුවීමට උපදෙස් ලබාදුන් බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

එසේ නොකළේ නම් අමතරව රුපියල් ලක්ෂ 88000ක් වියදම් වන බවද ඒ මහතා පැවසීය.

මද්‍යම අධිවේගිය ඉක්මනින් හදන්නැයි ජනතාව ඉල්ලා සිටින බවත් එක එක පිස්සු නෝනලා කියන විදිහට වැඩ කරන්න සූදානම් නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය

ඊට විරුද්ධව කෑ ගසන පිස්සු නෝනලා එක එක දේශපාලන පක්ෂවලට ගැති වී සිටින බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad