සිංහ කොඩියේ පාපිස්ස පත්තු වෙයි : අර්බූදයට මැදි වූ චීන තානාපති කාර්යාලයෙනුත් නිවේදනයක් නිකුත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

සිංහ කොඩියේ පාපිස්ස පත්තු වෙයි : අර්බූදයට මැදි වූ චීන තානාපති කාර්යාලයෙනුත් නිවේදනයක් නිකුත් වෙයි

ශ්‍රිි ලංකාවේ ජාතික ධජය පාපිස්සක් ඇතුළු භාණ්ඩ කීපයක ඇතුළත් කර ඇමසෝන් වෙබ් අඩවියේ අලෙවියට පළකර තිබීමේ සිද්ධිය ගැන නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ රටක ජාතික ධජය එම රට සතු සංකේතයක් වන බවත් එම නිසා ඊට ගරු කිරීම තම නොවෙනස් ප්‍රතිපත්තිය බවත්ය.

අදාල සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස චීනයේ බලධාරීන් දැනුවත් කළ බවද එහි සඳහන් ය.

කෙසේ වෙතත් තවත් බොහෝ රටවල ජාතික ධජය ඇතුළත් නිශ්පාදන රැසක් වෙනත් රටවලින් නිපදවා මෙමෙවැනි  වෙබ් අඩවි වල පළකර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ඊට නිදසුන් කීපයක්ද මෙරට චීන තානාපති කාර්‍යාලය සිය ට්විටර් ගිණුමේ පළකර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad