බුර්කා තහනම මුස්ලිම් කාන්තා මර්දනයක්…! ලංකාවේ NGO 40ක් ජිනීවා යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

බුර්කා තහනම මුස්ලිම් කාන්තා මර්දනයක්…! ලංකාවේ NGO 40ක් ජිනීවා යයි

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇත.

මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ (18) අනාවරණය කළේය.

මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මද් ෂනිද්ද බුර්කා තහනම් කිරීමේ යෝජනාවට දැඩි විරෝධය දක්වා ඇත.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය මෙතෙක් අනුමත කර නැත.

මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම මුස්ලිම් කාන්තාවන් මර්දනය කිරීමට බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad