ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි..- නාමල් කුමාර හෙලි කරයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

ගෝටාභය-මෛත‍්‍රී ඝාතන කුමන්ත‍්‍රණ.. පාස්කු කොමිසම හෙලි නොකල සාක්‍ෂි..- නාමල් කුමාර හෙලි කරයි…

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම තමනට පැවරුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් බව දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කරයි.

මෙහි මූලික සැලසුම් සිදු කරනු ලද්දේ රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා සහ හිටපු පොලිස්පතිවරයා විසින් බවද ඔහු කියා සිටී.

ඔවුන්ට වුවමනා වූයේ එවකට ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවන එක වැළැක්වීමට යයිද ඔහු පවසයි.

එම ඝාතනයේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ගැනීම එහි අරමුණු වී තිබූ බව ඔහු පැවසීය.

තමන් මේ සියලු සාක්ෂි පාස්කු බෝම්බ කොමිසමට ලබා දුන්න ද එ්වා රටට හෙළිදරව් නොවූ බවද මාධ්‍යයෙන් තොරව ඒ ප්‍රකාශයන් තමා ලබාදුන් බව ද ඔහු පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඝාතන කුමන්ත්‍රණයක් පැවති බවද රහස් පොලීසියේ එවකට ප්‍රධානී ශානි අබේසේකර ඒවා යට ගැසූ බවද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad