පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

පොහොට්ටු ආණ්ඩුව පෙරළන්න සූදානම්: ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන බවට මෛත්‍රීගෙන් මහනුවරදී ප්‍රතිඥාවක් - (video)

දිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (30) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වටා එකතුවෙන්න කියලා. ජනතාවට ආරාධනා කරනවා. “


No comments:

Post a Comment

Post Bottom Ad