පාස්කු බෝම්බ ගැසූ ඊබ්‍රහිම් පවුලේ කෝටි 100ක් රාජසන්තකයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

පාස්කු බෝම්බ ගැසූ ඊබ්‍රහිම් පවුලේ කෝටි 100ක් රාජසන්තකයි !

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100කට අධික බව හෙළි වී තිබේ.

අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්‍යාපාර 20කට අධික සංඛ්‍යාවක් ඊබ‍්‍රාහිම් පවුල සතුව ඇතැයි රජය සොයාගෙන ඇත.

රජය මොවුන්ගේ දේපළ රාජසන්තක කිරීමේ තීරණය ගැනීමට පෙර ඔවුන් සතු සුපිරි නිවසක් ව්‍යාජ ඔප්පු මත අන්සතු කර ගැනීමට කටයුතු කළ පස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad