ඇතුළෙ කැරලිකාරයන්ට එරෙහිව පොහොට්ටුව දැඩි තීන්දුවක් ගන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

ඇතුළෙ කැරලිකාරයන්ට එරෙහිව පොහොට්ටුව දැඩි තීන්දුවක් ගන්න යයි

ආණ්ඩුව ඇතුළේ කැරලි ගසන මැතිඇමැතිවරුන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිට ආණ්ඩුවට සම්බන්ධ සිටින හවුල්කාර පක්ෂ රැසක්ම පසුගිය මාස කිහිපය පුරා ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කළ ආකාරයක් දැකගත හැකි විය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් මෙම පිරිස වෙනම කණ්ඩායමක් ලෙස පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට තිබිණ.

මීට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විජයදාස රාජපක්ෂ මහතාද පසුගිය දින කිහිපය පුරාම ප්‍රවෘත්ති සාකච්ජා පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබිණ.

මෙම තත්ත්වය ආණ්ඩුවේ ඉදිරි ගමනට දැඩි ලෙස අහිතකරව බලපාන බැවින් මෙම කැරලිකාර මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉතා ඉක්මණින්්ත්වය ආණ්ඩුවේ ඉදිරි ගමනට දැඩි ලෙස අහිතකරව බලපාන බැවින් මෙම කැරලිකාර මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉතා ඉක්මණින් දැඩි තීන්දුවක් ගැනීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad