ආණ්ඩුවට අද තීරණාත්මකයි! උණුසුම් රැස්වීම් 4ක්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

ආණ්ඩුවට අද තීරණාත්මකයි! උණුසුම් රැස්වීම් 4ක්!!

අද (19) දිනයේදී ආණ්ඩුව ඇතුළේ තීරණාත්මක රැස්වීම් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.

ඉන් පළමුවැන්න වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන් හා අගමැතිවරයා අතර විශේෂ සාකච්ජාවක් අරලිය ගහමන්දිරයේ පැවැත්වීමය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ආණ්ඩුව ඒ සදහා ගෙන පනත් කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ආණ්ඩුව හා සෙසු පක්ෂ අතර බරපතළ මතගැටුම් පැවැති අතර අද දිනයේදී අගමැතිවරයා සමග ඒ පිළිබදව තීරණතේමක සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

දැනට ඇති ආරංචිවලට අනුව මෙම සාකච්ජාව සදහා පක්ෂ නයෙකයන් නොවන පිරිස් හටද කැදවීමක් ලැබී ඇති බව දැනගන්නට ඇත.

මීට අමතරව හෙට (20) දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද අද සවස අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට තීන්දු වී තිබේ.

මීට අමතරව කැබිනට් මණ්ඩල හමුවද අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම අද දින පෝට්සිටි කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙස්සම් 15ක විභාග කටයුතුද අද දින ඇරඹීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad