කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
දැනට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම්වල තීන්දු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට සූදානම් වෙයි ද ඔහු සඳහන් කළේය.
මෙම වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රී ලංකාව දියුණු වනු දැකීමට අකමැති පිරිස් විසින් අසත්‍යය සමාජ ගත කරමින් සිටින බවද ව්‍යාපෘතියට විරෝධී රටවල් විසින් ඔවුනට අනුග්‍රහය දක්වමින් ඇති බවද ඔහු කියා සිටියේය.
විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන ලද ප්‍රකාශයන් ද ඔහු බැහැර කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් ඊයේ දිනයේ පළ කරන ලදී.

No comments:
Post a Comment