රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි - කතාවුන දේ ගැන හෝඩුවාව මෙන්න | Politics Lanka Hot gossip - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 16, 2021

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි - කතාවුන දේ ගැන හෝඩුවාව මෙන්න | Politics Lanka Hot gossip


බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (16) ගොස් ඇතැයි වාර්තා වෙයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා රන්ජන් රාමනායකගේ සුදු දුක් විමසා ඇතැයිද සඳහන්ය.

ඔවුන් දෙදෙනා අතර පැය භාගයක පමණ සාකච්ඡාවක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි. එම කරුණු මොනවාදැයි හෙළී කර නැත.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමින් රන්ජන් රාමනායකට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඔහුට මේ හේතුවෙන් සිය පාර්ලිමේන්තු අසුනද අහිමි විය.

මේ අතර රන්ජන්ට හිමි දඩුවම ඉවත් කිරීමේ එකම හැකියාව ඇත්තේ ජනපති නියමයෙන් සමාව ලබාගැනීම මගින් බවට ආරංචි පැතිර තිබෙන අතර ඒ සඳහා කොන්දේසි කිහිපයක් ගැන සාකච්ඡාවක් දේශපාලනය තුළ පවතින බව ආරංචි වාර්තා කර තිබේ.

ඉන් එකක් වන්නේ මේ අවස්ථාවේ මරණ දඩුවමට සිරගතවීම නිසා පාර්ලිමේන්තු යාමේ වරමද අහිමිවූ ආණ්ඩු හිතවාදී ප්‍රබලයෙකුද රන්ජන් සමගම ජනපති සමාව ලැබ සිරෙන් නිදහස් කිරීමත් ඒ කියන තැනැත්තා නිදහස් නිරීම රජයට අපකීර්තියක් අත්විය හැකි තීරණයක් වුවද එම කාරණාව පදනම් කරගෙන රජයට එරෙහි අවාසි සහගත මතවාදයක් රජයට එල්ල නොකිරීමත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad