සියළු පාසැල් එන සතියේද වසා දැමේ - අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව සියල්ල තහනම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

සියළු පාසැල් එන සතියේද වසා දැමේ - අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව සියල්ල තහනම්


එළඹෙන සතියේ ද රට පුරා සියලු පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්තිය තත්ත්වය මත මෙම තීරණය ගත් බවයි.

10 වන සදුඳා දිනයේ පාසැල් විවෘත කිරීම වර්ධනය තත්ත්වයන් මත තීන්දු කරන බවද ඔහු සඳහන් කළේය.

සාද උත්සව සියල්ල තහනම්

අද රාත්‍රි 10.00 පසු හෝටල්, සාද උත්සව රාත‍්‍රි සමාජ ශාලා ඇතුළු ජනතාව ඒකරාශී වන ක්‍රියාකාරකම් සියල්ල තහනම් කර තිබේ.

මෙම තහනම සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad