කොරෝනා වේගයෙන් පැතිරෙනවා...රටේම ජනතාව මරණය අභියස - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

කොරෝනා වේගයෙන් පැතිරෙනවා...රටේම ජනතාව මරණය අභියස - (video)

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයමින් ඇති අවස්ථාවක ගුරු වෘත්තිය සමිති විසින් රට පුරා සිදුකරන උද්ඝෝෂණ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එවන් පිරිස් ඒකරාශි කිරිම් වහා නවතා දමන ලෙසත් ඔහු ඉල්ලා සිටි.


No comments:

Post a Comment

Post Bottom Ad