ඇස්තමේන්තු වරදී! නැවේ වන්දියෙන් මිලියන ගණනක් අහිමි වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

ඇස්තමේන්තු වරදී! නැවේ වන්දියෙන් මිලියන ගණනක් අහිමි වෙයි

පසුගිය මැයි මාසයේ 20 වැනිදා හදිසි ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් සිදුවෙමින් පවතින බව වාර්තා වන අතර එම නෞකාව පිළිබඳව තවත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

එම පුවත වන්නේ මෙරට සාගර කලාපයට සහ මුහුදු තීරයට නෞකාවේ අනතුරින් සිදුවූ හානිය සඳහා එම නෞකාව අයත් සමාගමෙන් ගෙවීමට තිබූ දැවැන්ත වන්දි මුදලක් මෙලෙස අහිමි වී තිබෙනවා‍ෙ

මෙම හානිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එම නෞකා සමාගමෙන් සහ එම නෞකාවේ රක්ෂණ නියෝජිත සමාගමෙන් ඉල්ලා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් වන්දි මුදලක් ඉල්ලා තිබූ බව වාර්තා වෙනවා. එම මුදලෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් (රුපියල් මිලියන 3600ක්) අහිමි වී තිබෙනවා

මෙලෙස වන්දි මුදල අහිමි වීමට හේතුව වී තිබුණේ සිදුවූ විනාශය පිළිබඳව වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී සිදු වූ අත්වැරැදීමක් බවයි සඳහන් වන්නේ.

-asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad