මියගිය ඉශාලිනිගේ සිරුර යලි ගොඩගන්න අධිකරණයෙන් නියෝගයක් : මන්ත්‍රී රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිසට රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

මියගිය ඉශාලිනිගේ සිරුර යලි ගොඩගන්න අධිකරණයෙන් නියෝගයක් : මන්ත්‍රී රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිසට රිමාන්ඩ්

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් කෙරුණා.

එමෙන්ම මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ශව රැසක් ඉකුත් දින කිහිපයේදී වතුකරයේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ඩයගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක්. ඇගේ මව්පියන් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සිය දැරිය මෙම නිවසේදී විවිධ හිංසනයන්ට ලක්ව තිබූ බවයි ඇගේ මව මෙහිදී මාධ්‍ය වෙත සදහන් කළේ.  


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද අදහස් පළ කළා. ඔහු කියාසිටියේ වරදකරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට රජය කටයුතු කරන බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad