තෙල් ගන්න ඩොලර් නෑ... එක්සත් එමීර් හා ඉන්දියාවෙන් සහන ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 24, 2021

තෙල් ගන්න ඩොලර් නෑ... එක්සත් එමීර් හා ඉන්දියාවෙන් සහන ඉල්ලයි

ශ්‍රී ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය උසස් තාක්ෂණ අමාත්‍යවරයා වෙත මේ ඉල්ලීම කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැති මෙම හමුවේදී අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මෙම ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු බව සඳහන් කර ඇති අමාත්‍යවරයා එය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමටද යෝජනා කර තිබේ.

මේ අතර, ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද පැවසේ.

ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම ණය සැලැස්ම ලබා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර දැනටමත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ලංකා "සී නිවුස්" වාර්තා කර තිබේ.

මෙරට ඇතිව තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන මිලට ගැනීමේ අර්බුදයක් පවතින අතර ඒ වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් රටවල් කිහිපයක් සමඟින් පසුගිය කාලයේදී සාකච්ඡා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad