පල්ලේකැලේ භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 24, 2021

පල්ලේකැලේ භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ පූර්ණ දායකත්වය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 1999 වසරේ ආරම්භ කළ අතර, එය ක්‍රියාත්මක කෙරුණේ 2000 වසරේ සිටය.

2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබාගැනීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලය අවස්ථාව ලබා නොදුන් බව එම කාර්්‍යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය.

මෙම භූ කම්පන මානය පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරු භූමියේ පාෂාණයක් මත මීටර් 100 ක් ගැඹුරට විදුම් සිදුකර ස්ථාපිත කර ඇතැයි ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙම භූ කම්පන මානයේ දත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ද අධීක්ෂණය කරනු ලබයි.

සාලිය කුමාර ගුණසේකර
උපුටා ගැනීම : අරුණ 


No comments:

Post a Comment

Post Bottom Ad