මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න..- නාමල්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 26, 2021

මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න..- නාමල්..

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. නීති විරෝධී කටයුතු සදහා වත්මන් ජනාධිපතිමන් හෝ ආණ්ඩුව කිසිදු සහායක් නොදක්වන බවත් ඇමතිවරයා පැවසීය.

නමුත් ඇතැම් අය විවිධාකාරයේ කටයුතු කරමින් රාජපක්ෂ නම ගෑවීම සිදුකරන බවත් විපක්ෂය ද තම පවුලේ නම පාවිච්චි කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළද පොලිසියට පැමිණිලි නොකරන බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ සාක්ෂි සහිතව පොලිසියට පැමිණිලි කරන්නේ නම් තමන් ද ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහුට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad