අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහොර ආනයනට තහනම් නියෝගයක් ඉල්ලා උසාවි යයි…

අහිතකර බැක්ටීරියා සහ වෛරස් අඩංගු කාබනික පොහාර ආනයනය කිරීමටට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම.
රසායනික පොහොර මෙරටට ආනයනය නොකිරීමට රජය ගත් ක්‍රියාමාර්ග මගින් පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වන නමුදු ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග පාරිභෝගික අයිතීන් කඩවීමට ඉඩ ඇති බැවින් නිසි ප්‍රමිතියක් නොමැති කාබනික පොහොර මෙට්රික් ටොන් 99000 ක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය දැඩිව හෙළාදකිමු.

පොහොර සමාගම් දෙක මගින් මෙරට ප්‍රබල දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සහෝදරයකු විසින් මෙහෙය වන සමාගමක් හරහා මෙම කාබනික පොහොර තොගය මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එම පොහාර තොගය නියදි පරීක්ෂණයේදී අසමත්ව ඇත.

නියදි අසමත් හා එම පොහොර තොගය ලංකාවට ආනයනය කළහොත් මෙරට පසට ශාක වලට හා මිනිස් සිරුරට අහිතකරවන බව විද්වතුන් විසින් මත පළකර තිබියදී ලංකාවට එම පොහාර තොගය ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.

එබැවින් අදාල පොහොර තොගය මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට අප සංවිධානය කටයුතු කරමින් සිටී.

ඒ සදහා අප විසින් සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 461 ක වගන්තිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නීතීඥ හා ප්‍රසිද්ධ නොතාරිස් ප්‍රසන්න ලියනආරච්ච්ගේ මහතා මාර්ගයෙන් නිවේදනයක් ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ඉහත  දැක්වෙයි.

රංජිත් විතානගේ –
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment

Post Bottom Ad