ආක්‍රමණික ඉන්දීය ධීවරයෝ අපේ මුහුදේ දී ගුරුනගර් ධීවරයින්ට පහර දෙති… 03කට තුවාලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

ආක්‍රමණික ඉන්දීය ධීවරයෝ අපේ මුහුදේ දී ගුරුනගර් ධීවරයින්ට පහර දෙති… 03කට තුවාලයි

බෝට්ටුවටත් පහර දී මුහුදට තල්ලු කරන්න හදලා…

උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසක් යාපනයේ ගුරුනගර්  ධීවරයින් තුන් දෙනෙකුට මහ මුහුදේදී පහර දී ඔවුන්ව මුහුදට තල්ලු කිරීමට උත්සහ කළ බව යාපනයේ එක්සත් ධීවර සමීති සංගමය ඊයේ (5) ධීවර නිලධාරීන්ට පැමිණිලි කොට තිබේ.

යාපනයේ ධීවරයින් ගමන් කළ බෝට්ටුව මහ මුහුද මැදදී නතර කළ ඉන්දීය ධීවරයෝ ඔවුන්ට පහර දී මුහුදට තල්ලු කිරීමට උත්සාහ කළ බවත් ධීවර බෝට්ටුවට පහර දී ඊට හානි සිදු කළ බවත්  යාපනයේ ධීවරයෝ ප්‍රකාශ කොට සිටිති.

ඉන්දීය ධීවරයින් පහර දීම නිසා සිදු වූ තුවාල මැද  අබලන් වූ බෝට්ටුවෙන් ඔවුන් ආපසු ගුරුනගර් ජැටියට ළගා වූ බව පවසන මෙම ධීවරයෝ උතුරේ ධිවරයින්ගේ ආරක්ෂාව සහතික කරණ ලෙස ඉල්ලා සිටිති.


No comments:

Post a Comment

Post Bottom Ad