හොරු අල්ලන්න ආපු රනිල්, නිරූපාගේ සැමියා සමඟ හුවමාරු කළ ලිපි පිළිබඳවත් පැන්ඩෝරා හෙලිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

හොරු අල්ලන්න ආපු රනිල්, නිරූපාගේ සැමියා සමඟ හුවමාරු කළ ලිපි පිළිබඳවත් පැන්ඩෝරා හෙලිකරයි

පසුගියදා ලෝකයේ මහත් ආන්දෝලනයකට ලක් වූ පැන්ඩෝරා හෙලිදරව්වෙන් මෙරට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ව්‍යාපාරික තිරුකුමරේ නඩේෂන් මහතා අතර හුවමාරු වූ ලිපි පිළිබඳව අනාවරණයක් කර තිබෙනවා.

මල්වාන ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක් පිළිබඳව ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් නඩේෂන් මහතා අත්අඩංගුවට ගැනුණු අතර මෙම ලිපිය ලියා ඇත්තේ එලෙස ඔහු අත්අඩංගුවට ගැනුණු දිනයේදීය.

මෙම ලිපිය හරහා ඔහු සිය නිර්දෝෂීභාවය අගමැතිවරයාට පෙන්වීමට උත්සාහ කර තිබෙනවා.

ඔහු පවසා තිබෙන්නේ තමන්ට අයත් ඉඩමක බැසිල් රාජපක්ෂ මහතා විසින් නිවසක් සාදා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වන තුරු තමා ඒ පිළිබඳව කිසිවක් නොදැන සිටි බවයි.

මේ හේතුවෙන් තමාගේ නමට කැළලක් වේ යැයි සිතා තමා එම ඉඩම විකුණා දැමූ බවයි නඩේෂන් මහතාගේ ලිපියේ සඳහන් වන්නේ.

සම්පූර්ණ ලිපිය පහතින්,
-aperata


No comments:

Post a Comment

Post Bottom Ad